මීටරෙන් දුවහං

අපි ඔක්කොම ඉන්ටර්නෙට් පාවිච්චි කරනවනේ..හැබැයි ඔය ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දි ඕන වෙලාවක බකහ් ගාලා ඉන්ටර්නෙට් නැති වෙන්න පුළුවන්නේ😂..කෝමද ඒ වෙලාවට දැනෙනෙ සන්තොසේ. ඉතින් ඔය වගේ සම්බන්ධතාව නැති උනාම වෙනම පේජ් එකකට අපිව ලොග් වෙනව..
ඒකෙ ගේම් එකක් තියෙනව Dino T-Rex කියල.අර මකරෙක් දුවන්නෙ පිස්සුවෙන් වගේ..දැකල ඇතිනෙ. ගොඩක් ඉන්ටර්නෙට් යූසර්ස්ල ආයෙ කනෙක්ෂන් එක එනකම් ඔය ගේම් එක ගහන්න පුරුදු වෙලා ඉන්නවා..ඉතින් මාත් ඔය ගේම් එක නිතරම ගහන්න පුරුදු වෙලා ඉන්නෙ..මොකද අපිට තියෙන්නෙ මාර ස්පීඩ් කනෙක්ෂන් එකක්නෙහ්😣. කෝමින් කෝමහරි ඔන්න ඕක ගහද්දි ඒ ගේම් එක ගැන මට හිතුනා. ඒ ගේම් එකේ සමහර ෆීචර්ස් අපෙ ජීවිතේට ටිකක් සමානයි වගේ කියල හිතුන.
මේ ගේම් එක ගහද්දි ඒ මකර දුවන්න පටන් ගන්නෙ සාමන්‍ය වේගෙකින්නෙ..ටික දුරක් යද්දි ඔන්න අපිට හම්බෙනව පතොක් ගහක්..ඒ වෙලාවට අපි ගානට ටයිමින් බලල ඒක පහු කරන්න ඕනේ..අපි වෙලාවට ඇක්ෂන් එකක් ගත්තෙ නැත්තම් ගේම් ඕවර්. අපි ජීවත් වෙද්දිත් මට හිතෙනව ඔයා වගේ අවස්ථා අපිට හම්බෙනව කියල. සමහර චැලෙන්ජර්ස් තියෙනව වෙලාව බලල හරියට ඇක්ෂන් එකක් ගත්තෙ නැත්තම් අපිට ඕන ප්‍රතිඵලේ ගන්න බැරි වෙනවා..මං හිතනව අපිට ජීවිතේ හම්බෙන ගොඩක් අභියෝග වලට අපි මූන දෙන්න ඕන ඒ විදියට තමා කියලා..ඉතිං අපි මේ අපේ ජීවිතේට එන අභියෝග වලට ඒ විදියට මූන දුන්නට පස්සෙ මේ ගේම් එකේ වගේ අපිට එක එක පොයින්ට්ස් හම්බෙනවා..මං පොයින්ට්ස් කිව්වෙ අත්දැකීම්..ඒව එකින් එක අපිට ලබාගන්න පුළුවන් වෙනව. ආයෙත් මේ ගේම් එක ගැන කතා කරමුකො..දැන් ඔන්න ටික වෙලාවක් යද්දි අපිට හම්බෙනව කුරුල්ලො🦅. කුරුල්ලො පියාඹන්නෙ අහසෙනෙ…අහසේ ඉන්න සත්තුන්ගෙ ඇගවල් වලට උඩින් හැබැයි අපිට පනින්න බෑනේ.ඒ වෙලාවට අපි කරන්න ඕනෙ පාත් වෙන එක..ඒ කියන්නෙ නැවිල ඒ තැන් පාස් කරන එක..මේ වගේ පාස් උනාමත් පොයින්ට්ස් හම්බෙනවනේ..දන්නවනේ..ඉතිං අපි ජීවත් වෙද්දිත් ඒ වගේ තමා..සමහර තැන් වලදී නැවෙන්න ඕනෙ..නැතුව අපිට ඒ තැන පාස් කරන්න බෑ..ඒ වගේම ස්මහර පුද්ගලයො ලගදිත් අපිට නැවෙන්න වෙනව..විරුද්ධව වැඩ කරනව කියන්නෙ ඒ වගේ තැන් වලදි කරන්නම හොද නැති තැනක්නෙ..අත්දැකීමෙන් කියන්නෙ කට්ටියට😂..ඕන තරම් විරුද්ධව වැඩ කරල නාගෙන තියෙනව මංනම්..ඉතිං අපි ඒ තැන් වලදි අපේ අභියෝගෙ ඉස්සරහ යටත් උනු පලියට අපේ තත්වෙ නැති වෙන්නෑ..ඒකත් මේ ගේම් එක ගහද්දි මට මතක් උනු තවත් දෙයක්..මට මේ ගේම් එකෙන් ගන්න පුළුවන් තව එක දෙයක් තියෙනව මගෙ ජීවිතේට..මේක ගහ්ද්දි අපේ ලකුණු වැඩි වෙනවනේ ටික ටික ඉස්සරහට යද්දි..ඉතිං මේ වගෙ ලෙවල් අප් වෙද්දි මකරගෙ වේගෙ ටික ටික වැඩි වෙනව..ඌ නිකන් අන්තිමේ දුවන්නෙ පැට්‍රල් ගහපු ගැරඩියෙක් වගේනෙ😂..වේගෙන් දුවද්දි අපිට හැබැයි වැඩිපුර පරිස්සම් වෙන්න වෙනව..මොකද මං උඩින් කියපු අභියෝගම ඉස්සෙල්ලට වඩා වේගෙන් අපිට ලං වෙනවා…ගේම් ඔවර් නොවී දිගටම ගහන්න ඕන්නම් ෆුල් ෆෝකස් එකේ ගේම් එක ගහන්න වෙන්නෙ..අපේ ජීවිතේදිත් ඒ වගේ තම මට හිතෙන විදියට..අපි ජීවිතේ අභියෝග පහු කරගෙන ඉස්සරහට යනව කියන්නෙ අපි දියුනු වෙනවා.ඒ කියන්නෙ අපේ ගමන වේගවත් වෙනව..හැබයි වේගෙන් ඉස්සරහට යද්දි අපිට පටන් ගත්තට වඩා පරිස්සම් වෙන්න වෙනව..නැත්තම් අපි ඒ අභියෝග වලට යට වෙලා ගේම් එකේ වගේ අපිත් පරාද වෙනව..අර කියමනකුත් තියෙන්නෙ වේගය මරුවා කැදවයි කියල..ඒ නිසා වේගෙන් ගියත් පරිස්සමට ඉස්සරහට යන්න ඕනේ..ඒකත් මේ ගේම් එක කියල දෙන තව පාඩමක්..
මේ ගේම් එක කොච්චර පොඩිද කියල දන්නවනේ..ඒත් ඒ ගේම් එකෙන් අපිට ගන්න පුළුවන් දේවල් ගොඩයි නෙහ්..ඒකත් මේ ගේම් එක උගන්නන තව එකක්..කොච්චර පොඩි දෙයක් උනත් ඒ දේටත් වටිනාකමක් තියෙනවා කියන එක.😁

Leave a comment